Wednesday, July 6, 2016

කනත්තක ගොඩනගපු රජගෙදර


සියවසක් පමණ සාමාන්‍ය මහජනයාට විවෘත නොවුනු කොළඹ කොටුවේ පිහිටි රජගෙදර නොහොත් ජනාධිපති නිල නිවස පසුගිය මාසයේ දින කිහිපයක් පළමුවතාවට මහජනයාට නරඹන්න අවස්ථාව උඳාවුනා. පසුගිය යුද සමයේ රජගෙදර ලඟින්වත් යන්න ලැබුනේ නැති හින්දා මමත් ඉතිං මගේ දඬුමොනර යන්තරේ කොටුවේ  නවත්තලා පොලිමට එකතුවූනා. මේ රජ ගෙදර ඉතිහාසය හොයාගෙන යද්දි 18 වන සියවසේදි ගොඩනංවන ලද  මේ සුවිශාල මන්දිරය තම වාසස්ථානය කරගෙන හිටියේ ලංකාවේ අවසන් ලන්දේසී ආණ්ඩුකාරයාවු ඇන්ගල් බීක් (Jean Gerard Van Angelbeek - 1794.07.15 - 1796.02.16) . ඉංග‍්‍රීසීන් කොළඹ කොටුව ලන්දේසීන්ගෙන්  යටත් කරගන්න කොට ඇන්ගල් බීක් අන්ඩුකාරයා මෙම නිවස අතනොහැර හිටියා කියලත් කියනවා.  පසුව මේ මන්දිරය ඔහුගේ මිනිපිරියවු ජැකොමිනාට අයත්වුනා. ඈ විවාහ වි සිටියේ ඉංග‍්‍රීසී ආන්ඩුවේ සිවිල් නිලධාරියෙකුවු ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමගින්. ඔහු ප‍්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අවදියේදි ගිණුම් පියවිමේ දි සිදුවු මුදල් අක‍්‍රමිකතාවයක්  නිසාවෙන් පවුම් දස දහසක අඩුවක් පියවන්නට සිදුවූනා. මේ ඇබැද්දියෙන් බේරෙන්නට රජය විසින් තක්සේරු කරනු ලැබු පවුම් 35000ක මුදලකට ලන්දේසී පරපුරේ අවසන් උරුමය බි‍්‍රතාන්‍ය පාලකයින්ට 1804 ජනවාරි 17 පවරාදුන්නා. කොළඹ කොටුවේ මනරම් ස්ථානයක පිහිටි මේ මන්දිරය පසුව ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවුරුන් ගේ නිල නිවාසය බවට පත්වුනා. රෝබට් හෝටන් ආණ්ඩුකාරවරයා (Robert wilmet Horton -1831.10.23 - 1837.11.06)  විසින් පවුම් 700 ක් වියදම් කර පිළිසකර කරවු මේ  මන්දිරය 1852 වර්ෂයේදිද ජෝර්ජ්  ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා (George William Anderson - 1850. 11.27 - 1855.05.10) විසින් ප‍්‍රතිසංස්කරණය කෙරෙව්වා. මුලින්  ඕලන්ද ගෟහනිර්මාන අනුකුළව ඉදිවූවත් පසුව සිදුකරු ප‍්‍රතිසංස්කරණ නිසාවෙන් බි‍්‍රතාන්‍ය වාස්තුවිද්‍යාත්මක අංග ලක්ෂනද මේ ගොඩනැගිල්ලට එකතුවුනා. මේ මනහර ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්තයි. පහත මාලය  ඕලන්ද ගෟහනිර්මානය අනුව සැකසුනත් ඉහළ මාලය බි‍්‍රතාන්‍ය අංග ලක්ෂන පෙන්නුම් කරනවා. ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ශක්තිමත් දැවමය නිර්මාණ බොහෝමයක් තියෙනවා. ඉහළ මාලයේ පොලවද නිමවා තියෙන්නේ දැවයෙන්. මෙහි බි‍්‍රතාන්‍යයෙන් ආනයනය කල ඉස්තරම් වර්ගයේ විදුලි උපකරණයෙන්ද ගෘහභාන්ඩයන්ගෙන්ද මෙහි ප්‍රෙෘඪත්වය ඉස්මතුකරනවා. මෙම මන්දිරයේ අප රටේ සුප‍්‍රසිද්ධ චිත‍්‍රශිල්පින්ගේ අලංකාරහා වටිනා චිත‍්‍රවලින්ද පිරිතියෙනවා. මා විසින් ඡයාරුපගතකරන ලද චිත‍්‍ර කිහිපක්  පහතින් දකින්න පුළුවන්. ජනාධිපති මන්දිරය අසළ කොළඹ නුවර මාර්ගය ඉදිකිරිමට මුල්වු ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස් ගේ (Sir Edward Barnes) ලෝකඩ ප‍්‍රතිමාවක්ද ස්ථාපිත කරලා තියෙනවා.

 මේ මන්දිරයට පසුපසින් ගොර්ඩන් උද්‍යානය නම්වු  මනරම් උද්‍යානයක්ද පිහිටා තියෙනවා. මෙම උද්‍යානය විහාරමහාදේවි උද්‍යානයට වඩා පැරණි බවයි පොත්පත් වල සදහන්වෙන්නේ. පෘතුග‍්‍රීසීන්ගේ ලාංජනය සහිත ගලක්ද මේ උද්‍යානයේ පිහිටා තියෙනවා. පෘතුග‍්‍රීසීන් මේ ස්ථානයේ ශාන්ත ෆ‍්‍රැන්සිස් මුනිදුන්ට කැපකරන ලද දේවස්ථානයක්. මෙහි සුසාන භූමියක්ද පිහිටා තිබුනා. අප රටේ රූකඩ පාලකයෙක්වු ෙදාන් ජුවන් ධර්මපාලගේ දේහය මිහිදන් කර ඇත්තේද මෙම උද්‍යානයේ. 1656 දි කොළඹ කොටුව ලන්දේසීන්ගේ පාලනයට පත්වුනාට පස්සේ මේ දේවස්ථානය පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ (V.O.C - de Vereenigde Oostindishe Compagnie / The United East India Co) නිල දේවස්ථාය බවට පත්වූනා. 1749 දි ලන්දේසී ආණ්ඩුකාර ජූලියස් වෑන් ගේ (Julliu Velentyn Stein Van Gollennesse) මුලිකත්වයෙන් ආදුරුප්පු වීදියේ පල්ලිය (Wolvendhaal Church) ඉදිකලාට පස්සේ මේ දේවස්ථානය  අතහැරලා දැමිම නිසා පසුව නටබුන් බවට පත්වු මේ පල්ලිය ඉංග‍්‍රීසීන් විසින් කඩා දැම්මා. මෙහි තිබු භාන්ඩ හා සොහොන් ගල් ආදුරුප්පු වීදියේ පල්ලියේ තැම්පත් කරනු ලැබීය. මේ සොහොන් ගල් අතර  ඕලන්ද ආණුඩුකාරවරුන් පස් දෙනෙකුගේ සොහොන් ගල් හා දාන් ජුවන් ධර්මපාලගේ සොහොන් ගලද වෙනවා. පසුව 1832 දි ෙදාන් ජුවන් ධර්මපාලගේ සොහොන් ගල එතැනින් ඉවත් කර කොටුවේ ශාන්ත පීතර දේවස්ථානයේ තැම්පත් කලා කියනවා.
1813 දි මේ  ශාන්ත ෆ‍්‍රැන්සිස් මුනිදුන්ට කැපකරන ලද දේවස්ථානය කඩා ඉවත් කලාට පස්සේ වසර කිහිපයකින් ජලමල්  වැනි උද්‍යාන අංග එක්කර වැඩි දියුණු කරන ලද්දේ ආතර් ගෝර්ඞ්න් (Arthur Hamilton Gorden - 1883.12.03.-1890.05.27 ) ආණ්ඩුකාරවාරයාගේ නිල කාලයේදි. එ් නිසයි මෙම උද්‍යානයට ගෝර්ඞ්න් ගාඩන් නම් කරන්නේ. මුලදි අක්කර දහයක් පමණ වු මේ උද්‍යානය පසුව අක්කර තුනකට සිමාවු බව පැවසෙනවා. මෙය උද්‍යානයක් ලෙසින් සකසන්නට පෙර මෙහි බොහෝ විදේශිකයින් පාපන්දු හා ක‍්‍රිකට් කි‍්‍රඩා කල පිටියක් ලෙසද යොදාගෙන තියෙනවා.  

මෙහි සියළු ඡයාරූප මා විසින් ලබාගත් එවායි.













10 comments:

  1. තවත් වටිනා ලිපියකි

    ReplyDelete
  2. නියමයි. හොද ලිපියක්. කොළඹ කොටුවෙත් ගොඩක් අය දැකලා නැති ඓතිහාසික දේවල් තියෙනවා.

    ReplyDelete
  3. නියමයි. හොද ලිපියක්. කොළඹ කොටුවෙත් ගොඩක් අය දැකලා නැති ඓතිහාසික දේවල් තියෙනවා.

    ReplyDelete
  4. හොඳ ලිපියක්, නොදන්නා ඉතිහාසය දැනගත්තා. ඒ වගේම, මේ මැදුරේ සිට කොළඹ වරායට යන්න හදපු උමගක් තියෙනවාලු. GOH හෝටලය අසල වරාය අදිකාරියේ පාලම යට යකඩ දොරකින් ආවරණය කර තිබෙන්නේ මෙහි වරායේ පැත්තේ දොරටුව යයි කියනවා. මේ මැදුරේ තිබී ප්‍රේමදාස මහතා ජනධිපති සමයේ නැතිවූ මුල්කිරිගල නම් චිත්‍රය ලන්ඩනයේ තිබී නැවත ගෙනවිත් තිබෙනවාද? මේ ගැනත් සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. රජගෙදර තිබුන බොහෝ චිත‍්‍ර මම ඡුයාරූපගතකලා මෙහි තියෙන්නේ බොහෝම ටිකක් පමණයි. මුල්කිරිගල චිත‍්‍රය නම් දැක්කේ නෑ. එය ලබාගන්නට බැරිවුනාද නැතිනම් වෙනත් ස්ථානය තිබෙනවාද කියලා දන්නේ නෑ. ඔබ කියන දොරටුවක් වරායේ පාලම යටින් නෑ හැබැයි ඊට ටිකක් ඉදිරියෙන් ඇති ගොඩනැගිල්ලේ බිම් මහලේ වාහන නැවැත්විමට යකඩ දොරවල් සහිත ගරාජයන් කිහිපයක් නම් තිබෙනවා. සමහරවිට මෙයින් එකක් වෙන්නට පුළුවන්.

      Delete
  5. වැදගත් තොරතුරු රැසක්, කලින් ගෝර්ඩන් උද්‍යානය තිබුනේ වෙනම කියලයි මගේ මතකය. එය රජ ගෙදරට ඈඳා ගත්තේ පසුව. කලින් එය මහජනයාට විවෘතව තිබුනා. මා කොටුවේ වැඩකළ දවස්වල 1970/71 විතර දවල් ආහාර විවේකයේදී කොටුවේ ඇවිදින ගමන් ගෝර්ඩන් උද්යානයටත් යනවා. රජ ගෙදර සිට හදිසියකදී නැවට නගින්න යන්න රජ ගෙදර සිට වරායට උමගක් තුබුණු බව මමත් අසා තිබෙනවා. ඉස්සර නැවට නගින ජෙටිය තිබිල තියෙන්නේ වරාය අදිකාරිය තියෙන තැන. GOH හෝටලය අසල පාලම යට වරායේ බැම්මේ යකඩ දොර මමත් දැක තිබෙනවා. දැන් කටුගේ ළඟ තියෙන වික්ටෝරියා රැජිනගේ පිළිරුව තිබුනෙත් රජ ගෙදර ළඟ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ ප‍්‍රතිචාරයට. ඒ කාලයේ මහජනයාට විවෘත කරපු කාලයේ ගොර්ඩන් උද්‍යානය විශාලව තියෙන්න ඇති. දැන් ගොර්ඩන් උද්‍යානය කියන්නේ කුඩා බිම් කඩක් පමණයි. පසුකාලිනව එහි වපසරිය අඩුවෙන්න ඇත්තේ වෙනත් ගොඩනැගිලි හදන්න වෙන්න ඇති. ආරක්ෂක හේතුන් හින්දා උමග වසාදමලා ඇති.

      Delete
  6. I guess I am the only one who comes here to share my very own experience guess what? I am using my laptop for almost the past 2 years.


    rhinoceros-crack-license-key



    redshift-render Crack



    xmind Crack



    imagenomic-portraiture Crack

    ReplyDelete
  7. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    Turbo Studio Crack
    iTunes Crack

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...