Sunday, October 2, 2016

රික්ෂෝකාරයා

අහලා තියෙනවාද රික්ෂෝව (Rickshaw) ගැන? සමහරවිට අහලත් ඇති. එත් මේ  කොළොම්පුරේ තිබුණු රික්ෂෝවේ ඉතිහාසය ගැන දන්නේ නැතිව ඇති. දන්න අයගේ දැනුම වැඩි කරගන්නත් නොදන්න අයට දැන ගන්නත් මෙන්න රික්ෂෝවේ කතන්දරේ.

 
අද කාලේ කොළඹ විතරක් නොවෙයි ලංකාව පුරාම කොහේ හරි කෙටි ගමනක් යන්නට  ඕනේ නම් අපි කතා කරන්නේ ත‍්‍රිරෝද රථයකට නේ එත් 18 වන සියවසේ අගබාගේ ඉදන් 19 වැනි සියවසේ මැදක්වන තුරු කෙටිදුරක් යන්නට භාවිතා කලේ රික්ෂෝව තමයි. මිනිස් ශ‍්‍රමයෙන් දුවන මේ රික්ෂෝව කුඩා කරත්තයක් වගෙයි. එහි රියදුරා විදිහට කටයුතු කරන්නා විසින් ඇදි දෙකෙන් අල්ලාගෙන ඇදගෙන දිවිම තමයි කරන්නේ.

 
මේ කාලයේදි චිනය හා ජපානයේ බහුල විහිදට මේ රික්ෂෝව පාවිච්චි වුනා. එ් නිසා අපේ කොළඹටත් මේ රික්ෂෝ රථ හඳුන්වලා දෙන්න හිතපු විටෝල් සමාගමේ අයිතිකාර ජේමිස් විටෝල් මහතා 1883 අවුරුද්දේ  මුල්ම රික්ෂෝව ලංකාවට ගෙන්වුවා. තමන්ගේ තත්වය ප‍්‍රදර්ශණය කරන්නට මේක හොඳ මෙවලමක් කරගත්තු ප‍්‍රභූ පැලැන්තිය රික්ෂෝ තමන්ගේ පුද්ගලික ප‍්‍රයෝජනයට රික්ෂෝ මිලට ගන්නවුනා. රික්ෂෝ දෙකතුනක් තිබිව තමන් සමාජයේ ගෞරවයට පත්වෙනවායි එ්කාලේ හිටපු අයත් හිතුවා. කාර්ගිල්ස් සමාගම හා දොන් කරෝලිස් සමාගමත් මේ රික්ෂෝ රථ ගෙන්වලා අලෙවි කරන්නට පටන්ගත්තා. රික්ෂෝ අලෙවිය වැඩිවෙන්න පටන්ගත්තාම දොන් කරෝලිස් සමාගම පසු කාලිනව මෙරටදිම රික්ෂෝ නිෂ්පාදනය කරන්නටත් පටන්ගත්තා. මේ රික්ෂෝ කොළඹට එක්වුනු මුල්ම කාලේ අලංකාරවත් ලෙසින් සරසලා තිබුනා විතරක් නොවෙයි රියදුරාත් සුදු පැහැති දිගු කලිසමකින්ද ෂර්වානියක් වැනි දිග කබායක්ද හැඳ බඳවටා වර්ණවත් පටියක්ද බැදලා හිටියා. රික්ෂෝකාරයාට තවත් අත්උදව්කායෙක්ද හිටියා එ් කදුවැනි තැන්වලදි රික්ෂෝව පසුපසින් තල්ලූකරන්නයි. 

 







1884 වගේ කාලේකදි කොළඹ නගර සභාව මේ රික්ෂෝවලට බලපත‍්‍ර දෙන්න කටයුතු කරන්නට වුනා. මේ  බලපත‍්‍රය ගන්න නගරසභාවේ පශු වෛද්‍යවරයා ලඟට ගිහිල්ලා රික්ෂෝවේ තත්වය ද රියදුරාගේ තත්වයද පරික්ෂා කරගන්න  ඕනේ. ඊට පස්සේ තමයි බලපත‍්‍රය ගන්න පුළුන්කම තිබුනේ. එ් විතරක් නෙමෙයි ගමන් ගාස්තුද නගර සභාවෙන් නියම කෙරුවා. 

මේ ගමන් ගාස්තු නියම කරලා තිබුනේ දුරට වඩා ගමනට ගතවන කාලය අනුවයි. 
මිනිත්තු 10 කට වැඩි නොවන ගමනක්  සඳහා සත 10 
මිනිත්තු 10 කට වැඩි පැය භාගයකට අඩු ගමනක් සඳහා සත 25
පැය භාගයකට වැඩි පැයකට අඩු ගමනක් සඳහා සත 50 
ඊට පස්සේ සෑම පැය භාගයකටම  සත 10 යි 
වශයෙන් තමයි ගාස්තු නියම කරලා තිබුනේ. 




 

1895 අවුරුද්දේ ලංකාවට ආපු ජර්මන් ජාතික පඩිවරයෙකුවු  මහාචාර්ය විල්හෙලම් ගයිගර් කොළඹ සිට ගල්කිස්සට රික්ෂෝවකින් ගමන් කරපු විත්තියත් ඔහු ලියු ගයිගර් දුටු ලංකාව පොතේ සඳහන්ව තිබෙනවා. රික්ෂෝ නම හඬගැසු පමණින් රික්ෂෝ කරුවන් කිහිපදෙනෙක් දුවගෙන එනබවත් එම පොතේ සඳහන් වෙනවා. ඔහුට පැයක ගමනක් සඳහා වියදම් වෙලා තියෙන්නේ සත 52 ක්. අදකාලේ කොළඹ  ඉදන් ගල්කිස්සට වාහනයකින් ආවත් පැයක් හෝ  විනාඩි 45 ක් විතර යනවා. එත් අදවාගේ  කාපට් කරපු පාරවල් නොතිබ්බ අබලන් පාරවල් වල දැඩි අව්වේ දාඩිය මුගුරු හෙලාගෙන මිනිහෙක් ඇදගෙන දුවන්න රික්ෂෝකාරයෙක් කොච්චර මහන්සියක් ගන්න ඇතිද කියලා හිතාගන්නත් බෑ. වන වැදුන දොස්තර (Surgon of Wilderness – christine Spittle Wilson)  නම් පොතේ දොස්තර ආර්. එල්. ස්පිටල් තමන්ගේ පෞද්ගලික ගමන් සඳහා රික්ෂෝවක් තබාගත්තත් මිනිසෙකු විසින් තවත් මිනිසෙකු රථයක තබා ඇදගෙන යාම බොහෝම පිළිකුල් කරමින් මොටර් රථයක් ගන්නා දවසක් ගැන සිහින මවමින් දිනපතා රික්ෂොවෙන් රෝහලට ගිය විත්තියක් එහි ලියවි තියෙනවා. 

 
පස්සේ කාලයක් යනකොට  රික්ෂෝකාරයා ඇදගෙන හිටපු අලංකාරවත් ඇඳුම් විතරක් නොවෙයි රථයේ තිබුන සැරසිලිද අඩුවෙලා ගැලවි යන්න ගත්තා. 
1950 අවුරුද්ද වෙනකොට මේ රික්ෂෝ රථ 250ක් දක්වා පහත වැටුනා.  1950 මැයි මාසේ 10 වෙනිදා නගර සභාවේ ඉදිරිපත්වුන යෝජනාවක් අනුව පනතක් සම්මත කරගත්තා ජු නි මාසේ 01 වෙනිදා සිට රික්ෂෝ රථවලට අලූතින් බලපත‍්‍ර දෙන එක නතර කරන්න. එ් මිනිහෙක් උජාරුවට හිදගෙන ඉද්දිද්දි සතෙකුමෙන් තවත් මිනිහෙක් ගිනියම්වු පාරේ දහඩිය වගුරවමින් ඇදගෙන යනඑක මිනිසත් කමට කරන නින්දාවක් විදිහට සලකන්නට මිනිස්සු හිතන්න පටන්ගත්ත නිසයි. එ් නිසාම රික්ෂෝ රථයන් හා රික්ෂෝකාරයන්ද කොළොම්පුරෙන් නැතිවිගියා.




යොර්ක් ස්ටි‍්‍රට් එකේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හොටලය හා පොලිස් මුලස්ථානය ඉදිරිපිට යුරෝපිය ඇදුමින් සැරසි පයිප්යක් මුවේ රදවාගත් වැදගත් මහත්තයෙකු නංවාගෙන දුවන සරම්කොටයකින් සැරසුන රික්ෂෝ කරුවෙකු ප‍්‍රතිමාවක් දකින්නට ලැබෙනවා.  

10 comments:

  1. හොඳ විස්තරයක් ස්තුතියි. ඉතින් රික්ෂෝ තහනම් කරන එකට රික්ෂෝ කරුවන් විරුද්ධ උනේ නැද්ද?

    ReplyDelete
  2. නෑ. ඔය කියන කාලේ 1950 විතරදි රික්ෂෝව සමාජයෙන් ඈත්වේගන ගිහිල්ලා තිබුනේ. ගොඩාක් අය රික්ෂෝ්වෙන් යන්න අකමැතිවුනා. ඔය දොස්තර ස්පිටල්ගේ පොතෙත් තියෙන්නේ මිනිහෙක් සතෙකුවගේ තවත් මිනිහෙක්ව ඇදගෙන දුවන එක මිනිසත් කමට නින්දාවක් ලෙසින් සැලකුවා කියලා. ඉතිං සමාජයේ පහල කුලවල අය තමයි රික්ෂෝකාරයින් විදිහට වැඩකලේ. ඔවුන් වෙනුවෙන් පෙනි සිටින්න වෘතිය සමිති තිබුනේ නෑ. ඉතිරිවුන රික්ෂෝකාරයන්ටත් අකමැත්තෙක් වුනත් වෙනිං රස්සාවල් හොයාගන්න සිදුවුනා.

    ReplyDelete
  3. ගොඩක් හොද ලිපියක්... බොහොම ස්තූතියි ...

    ReplyDelete
  4. නියමයි මචං මේ වා ගැන ලියන්න හිතපු එකට ස්තුතියි

    ReplyDelete
  5. ස්තුතියි අටං. දුවාදරුවන්ටත් කියලා දෙන්න පුළුවන් සැගවුනු ලොකු ඉතිහාස කතන්දර ටිකක් එළියට දාන්නයි උත්සාහ කරන්නේ. වැඩේ ටිකක් අමාරු උනත් ඔබලාගේ දිරිගැන්විම මට ගොඩාක් වටිනවා.

    ReplyDelete
  6. බොහොම වටින විස්තරයක්... පින්තුර ටික නිසා විස්තරේ වටිනාකම තවත් වැඩි වෙලා..

    ReplyDelete
  7. මේ ගැන විස්තර මේතරම් පලමු වතාවට කියෙව්වෙ. ස්තුතියි

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න