Thursday, January 26, 2017

අමනකම




විදමින් දහදුක් දරුවන් තිදෙනෙකු හැදුවා තුටින්
කුසයට ආවනේ සිව්වෙනියෙකුත් නොදනිම ඉතින්
ඇතුල්වුනෙමි කෑගලූ රෝහලට පෙරදිම ලෙසින්
කොල්ලෙකු වැදුවා හතරවෙනියාට මගේ කුසින්

දරුවා මගේ තනක එල්ලිගෙන බොයි කිරි නිරතුරු
වාට්ටුවේ මිසී නෝනලා දක්වයි කරුනාව පියකරු
තවදරුවන් හදන්නට එපා අම්මාට වෙයිනේ අනතුරු
වදන්නට නෙවෙයි වඳ සැත්කමක් කෙරුවොත් නිරතුරු

දොස්තර හදයි එල් ආර් ටි බලයෙන් කරන්නට
මම කැමති නෑ මහත්තයෝ එවැනි දේ හිතන්නට
වැලේ ගෙඩි බර වැලට වැඩි නෑ තව දරුවන් හදන්නට
දුප්පත් උනත් නොකරමි උන් මහමග දමන්නට

කෝ දරුවන්ගේ පියා දොස්තර මහතාට පැනයකි එන්නේ
පොතක ලියපු කාසදක් මිනිහෙක් ඇයට නෑ ඉන්නේ
අනාචාරේ යන ගැහැණියක් නොවෙද මේ ඉන්නේ
පැමිණිල්ලක් දැම්මා දැන් පොලීස් මහතුනුත් එන්නේ

බැලූවේ පොලීසියෙන් ඇවිදිල්ලා  ඕ අයි සි මහත්තයා
එකතුවෙලා පැමිනිලිකාර  දොස්තර මහත්තයා
පරික්ෂන කරන්නට  ඕනේලූ කෝ තමුන්ගේ මහත්තයා
දරුවන් වදන්නට බැරිද නැතුවට කසාද මනුස්සයා

දරුවන් උපන්නට මම උන් අතරමං කරලායි නැත්තේ
ඔබලා උගතුන්වුවාට මොලේ කලඳක් ඇතුවයි නැත්තේ
මමත් ගැහැනියෙක් වෙමි සිරුරෙ ලේ මස් නහරයි ඇත්තේ
මනුස්සයා මගේ මලාට මම මැරිලා නැත්තේ

නිමිත්ත
තිදරු මවට සිව්වැනි දරුවා ලැබීම දොස්තර ප‍්‍රශ්නයක් කරගෙන.
මව්බිම පුවත්පත 26 ජනවාරි 2017

Wednesday, January 25, 2017

පරම පිවිතුරු


 


නොයිදුල් සලකුණක්
සෙව්වෙමි සුදු පිරුවටයක
පවිටු හදවත සඟවා
ඉදුල්වුනු අතීතයක

Saturday, January 21, 2017

පාර පනින කොළොම්පුරේ මී හරක්





කොළොම්පුරේදි පාර පනින මීහරක් දැකලා නැද්ද? හැමදාම කොළොම්පුරයට රැකියාවට එන යන මට නම් මේ මීහරක් රැල දිනපතාම හමුවෙනවා. දන්නවාද මේ මිහරක් වැඩියෙන් ඉන්නේ වැල්ලවත්තේ කියලා? ඔව් වැල්ලවත්තේ තමයි. ආ තවත් එකක් දැන් ගොල්ෆෙස් එක ලගිනුත් චිනෙන් ඉල්ලංකාවට ආපු චින මීහරක් පාර පනිනවා. උදේට ගියොත් බලාගන්න පූලුවනි. උනුත් දැන් මේ අම්මටසිරි ඉල්ලංකාවේ ශ්‍රේෂ්ඨ පුරුදුවලට ඉක්මනටම පුරුදුවෙලා.  


 හැබැයි මේ මීහරක් මඩ ගාගෙන උඹ්බෑ කියාගෙන ඉන්නේ නෑ. ලස්සනට ඇදලා පැලදලා අපුරුවට සිංහල දෙමළ ඉංග‍්‍රිසි කතා කොරනවා. මිනිස් වේශයෙන් ඉන්න මී හරක්ට මීහරක් කියලා ඇමතුවාට ගෝ කුලයේ ගව මහිෂ ආදි සතුන් මට විරුද්ධව නඩුදායිද  දන්නේ නෑ. ගෝ කුලයේ සතුන්ටත් මේ අවේලාවේ පාර පනිනා මීහරක්ට වඩා මොලේ තියෙනවා. 


දෙහිවල පාලමෙන් එහා සිට කොළොම්පුරේට එනකම් ගාලුපාරට තාරදාලා පදික වේදිකාවල් ලස්සනට අලංකාරෙට හදලා විතරක් නොවෙයි පාරමාරුවෙන්න පහසුවෙන්න කහ ඉරි (සමාවෙන්න දැන් සුදු ඉරි) තියෙන තැන්වලටත් වර්ණ විදුලි සංඥා සවිකරලා දුන්නා.  ඉතිං ආන්ඩුවේ රට කරවන ඇත්තෝ (ගිය ආන්ඩුවේ ඇත්තෝ) අපේ බදු සල්ලි උන්ගේ සුඛ විහරනයට විතරක්ම පාවිච්චියට නොගෙන මිලියන ගානක් වියදම් කලේ මහාමාර්ගය පාවිච්චි කරනා මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරුකරන්න තමයි. එත් දෙයියනේ පාරමාරුවෙන්න කොල එළිය වැටිලා තියෙද්දි පාර පනින්න එකෙක් වත් නෑ. බැලින්නම් මුන් ඔක්කෝම පාර පැනලා තියෙන්නේ පාර මාරුවෙන්න එපා කියලා රතු එළිය නැත්නම් වාහන ධාවනය වෙන්න කොල පාට එළිය වැටුන වේලාවටයි. මුන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගාල කඩාගෙන යන
මීහරක් රංචුවක් වාගේ පාර පනින අපුරුව බලාගෙන ඉන්න හරිම ආසා හිතෙනවා. ඒ වේලාවට තමයි හිතෙන්නේ ඉතිං මේ මීහරක්ගේ වැදු අම්මලා, පුංචි අම්මලා, ආච්චිලා, අත්තම්මලා, කිරිඅත්තම්මලා විතරක් නොවෙයි ගෙවල්වල ඉන්න හා  උපදින්න ඉන්න ගෑනු දැරිවියන්ටත් වික්ටොරියා සීක‍්‍රට් එකෙන් අර මොකකද්ද ජාති එවා අරන් දෙන්න. 

වාහන වලට යන්න මාර්ග සංඥාවේ කොළ එළිය වැටුන වේලාවටම පාර පැනපු මිහරකෙක්ගේ ඇගේ වාහනයක් එහෙම හැපුනොත් ඉතිං අඹ සරණයි තමයි. වැරද්ද පාර පැනපු එකාගේ උනත් වටේ පිටේ උන් විතරක් නොවෙයි අපේ පොලීස් උත්තමයොත් පොරියල් එක දෙන්නේ වාහනය එලවපු එකාට තමයි. ඔය පාර පනින මීහරක් දිහාවත් ඇහැක් ඇරලා බලන්නේ නැතිව ඇස් පිය නොහෙලා අපේ ට‍්‍රැපික් පොලීස් උත්තමයොත් බලා ඉන්නේ වාහනයක් වැරදියට යයිද කියලා විතරයි. දන්නවානේ උන්ගෙන් විතරයි දඩයක් එහෙම කඩාගන්න පුළුවන් වෙන්නේ කියලා. 


නීතිය නමලා තමනුත් නැමිලා විතරක්නොවේ අඩලා ලෝක පූජිත වෙච්චි පොලීසියේ ලොකු මහතැන් මේ ලිපිය දැක්කොත් හරි එයා දන්න කියනා කවුරුහරි දැක්කොත් එයාට කියන්න යුනිෆොම් ඇදපුනැති පොලීසියේ (නිර්වස්තරෙන් නොවෙයි) එක්නෙක් දෙන්නෙක් ඔය පාර මාරුවෙන තැන් වල තියලා අවේලාවේ පාර මාරුවෙන මීහරක් ටික එක තැනකොට ගාල් කොරන්න කියලා. පුළුවන්න නම් උන් ටික මස්කඩේට දක්කන්න කියලා. එහෙම බැරිනම් එවෙලේම දඩයක් ගහලා උනත් උන්ව රිලිස් කොලොත් මීට පස්සේ අවේලාවේ පාර පනින එකත් නැතිවෙයි. පාන්ඩුව හැදිච්ච ආන්ඩුවටත් ගුල්ලෝ ගහපු මහා භාන්ඩාගාරයටත් කීයක් හරි හොයාගන්න මෙන්න හොද පොටක්. මේ මීහරක් දඩ ගහනවා කියලා බස් කාරයෝ වගේ ස්ට‍්‍රයික් කොරන්න යන එකක් නෑ. 


වාහන පදවන්නන්ටත් විතරක් නොවෙයි පදිකයන්ටත් විනයක් ඇතුව මහාමාර්ගය පාවිච්චි කොරන්නයි කියලා කොළොම්පුරේ ඉල්ලන්නේ. 

Tuesday, January 10, 2017

ඇලවෙන ජීවිත




"අපෝ මට නම් මේ කලුවරේ ඉදලා එපා වෙලා ඉන්නේ. අතපයත් හිරිවැටිලා වගේ."

"මටත් එහෙම තමයි කවදා මෙතනින් එළියට ගිහිල්ලා ලෝකේ දකින්න ලැබෙයිද මන්දා. අපිටත් ලගදිම මෙතනින් පැනගන්න පුළුවන් වෙවි."


"ඔයා මේ  මොනවාද කියන්නේ, අර එහා පැත්තේ  ඉන්න කට්ටිය දැන් කොච්චර කාලයක් මෙහේ ඉන්නවාද?  කෝ එයාලටත් එළියට යන්න ලැබිලාම නෑනේ."

"ආ  අර එහා පැත්තතේ ඉන්න එයාලද? මමත් මේ අහන්නම හිටියේ උන් ඉන්නෙත් ටික දෙනයි එත් දිලා තියෙන සැප."
   
"ඔව් එයාලා තමයි.  ඒගොල්ලෝ ට නම් තව කාලයකට මෙහෙන් යන්න ලැබෙන්නේ නැතිවෙයි."

"ඔය යක්කුන්ට මේකෙන් යන්න ඔනේ කමක් නැතිව ඇති."

"පිස්සුද හයියෙන් කෑ ගහන්න එපා උන් තමයි වැඩිම වටිනාකමක් තියෙන අය."

"අපිවාගේ ලස්සනකුත් නෑ."

"ලස්සනට වැඩිය උන්ගේ බලන්නේ වටිනාකම විතරයි හලෝ. උඹ දන්නවාද ඔය උන් ටික ලේසියෙන් එළියට ගන්නෙත් නෑ."

"ඒ මොකද ?"

"කවුරුහරි අතුරුදහන් කලොත් අපිව භාරව ඉන්න එක්කෙනා එපැයි එවාටත් වග කියන්න වෙන්නේ."

"අපි ගැන නම් එයාගේ එච්චර සැලකිල්ලක් නෑ ඔ්නේ වෙලාවක පැනලා යන්න පුළුවනි."

"පැනලා යන්න නම් හිතන්න එපා රජෝ . එක නම් එච්චර හොද වැඩක් නම් නෙමෙයි.  අන්තිමේදි  නමත් කැතවෙලා.  ඇගත් කැතවෙලා කොහේ හරි පාරක කුණු ගොඩකට යන්න වෙයි. එක ඇත්තවුනාට මටත් මේ හිරේ ඉදලා එපා වෙලා."

"ඇයි මේ ලගදිත් අපේ කිහිප දෙනෙක්ම එලියට ගියේ රටතොට බලාගන්න නම් ඉතින් ඉන්න වෙන්නම වෙනවා."

"එත් මෙකේ හිරවෙලා ඉන්න බෑ බං. මෙහා පැත්තේ උන් ඉන්න එකටත් ලගදි අලුත් කාන්ඩයක උන් ටිකකුත් ඇවිල්ලා ගාල් කෙරුවා.  දැන් උන් ඉන්නෙත් කිටිකිටියේ හිරවෙලාලු."

"එහෙනම් උන්ගේ පරණ උන්දෑලාට යන්න ලැබෙයි."

"යන්න ලැබෙයි ? උඹ දන්න ඉටි ගෙඩිය. එහෙම නැත්නම් පරණ උන්ව තියලා අලුත් උන්ව අරන් යයිද දන්නේ නෑ.  මෙකෙත් ඉස්සර හිටපු උන්ට එහෙම කලා කියලා මම මෙහෙට එද්දි හිටපු පරණම අයියලා ටික දෙනා මට දවසක් කිව්වා."

"කෝ උන් ටික ? ලගකදි දැක්කේ නෑ."


"ආ මේ ළගදි කවුද මහත්තයෙක් උන්ව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. උන්ට ගිහිල්ලා එන්නම්  කියන්න වත් වෙලාවක් තිබ්බබේ නෑ බං."

"එහෙනම්  අපේ මහත්තයා එකපාරටම කට්ටියම දිලා දැම්මා?"


"නැතිව තියා ගෙන ඉන්නද?  යනකොට පරණ උන්ගේ මුණුවල තිබුන සතුටක්ද දුකක් ද මන්දා. මට තාමත් උන්ව මැවිලා පේනවා."

"උන් එහෙනම් දැන් හොද තැනක ඉන්නවා ඇති."


"කවුද දන්නේ උන්ව මොන වැඩකට අරන්ගියාද කියලා?"

"මට නම් ආස මෙතනින් එලියට ගියාම පිටරකට යන්න.  මම හීනෙන් දැක්කා ප්ලෙන් එකක නැගලා ඉගිලිලා යනවා."

"මොකද සුද්දෙක්ගේ හුරතෙලක් වෙන්න යන්නද? පිටරට ගියාට සුද්දන්ගේ හුරතල්ලුවෙන්න හැමොටම බෑ බං."

"ඔන්න උඹ මගේ හිත කඩලා දාන්න හදනවා. එහෙම නොවුනත් කමක් නෑ.  මට ආස පිටරටකට යන්න විතරයි."

"මම කිව්වේ ඇත්ත බං.  උඹගේ හීන බිදලා දාන්න හැදුවා නෙමෙයි.  දැන් මෙහේ උන් අපිව ගනන්ගන්නෙත් නෑ බං. ඉතිං කොහොමද කියන්නේ සුද්දෝ අපිට කැමතිවෙයි කියලා?"

"අපිට කැමති උන් තාමත් ඉන්නවා බං. ඇයි මොකද අපේ ලස්සනෙන් අඩුවක්ද?" 

"එළියට ගියාම අපිට මොකක් වෙයිද දන්නේ නෑ බං. මම නම් හිත හදාගෙන ඉන්නේ කොහේට උනත් යන්න."

"ඔය සමහරු තාමත් ඇගපුරාම කෙල ගානවලු. මට නම් හරිම අප්පිරියයි. චී  මතක්වෙනකොටත්  වමනෙට එන්න වගේ. "

"එහෙම තමයි හලෝ අපේ ජිවිතේ. අපේ සරීර හැදිලා තියෙන්නේ  උන්ගේ ඔනේ එපා කම් වලට තමයි.
අපිට එක විද දරාගන්න වෙනවා."

"උඹ කියන්නේ අපි මිනිස්සුන්ගේ කෙලි බඩුවක් වෙන්න ඔනේ කියලාද? "

"තව වෙන්න දෙයක් නෑ. උන් ගේ අතේ තමයි අපේ ජිවිතේ රැදිලා තියෙන්නේ . කොටින්ම උන් තමයි අපේ වටිනාකම් තිරනය කරන්නෙත්."

"මේ දහ ජරා සමාජක‍්‍රමය නැති කරලා දාන්න ඔ්නේ. මේකද සාධාරන සමාජය? අපි වගේ පිඩිතයින්ව තවත් තලා පෙලන්න ඉඩ දෙන්න බෑ."

"ඔච්චර රැඩිකල් විදිහට හිතන්න එපා බං. මෙතනින් එළියට යද්දිම කොහොමත් සීල් එකෙන් තැලෙනවානේ."

"ඒ සීල් එක වදිද්දි ලැබෙන මිහිරි වේදනාව නම් ආසාවෙන් විද දරාගන්න නම්  පුළුවනි. එත් අර මල ජරා කෙල තමයි ප‍්‍රශ්නේ. ඔය දෙකම නැතිව ඉන්න ලැබෙනවා නම්." 

"චී එහෙම වැඩක් තියෙනවාද බං අපේ ජිවිතෙන්.  ඒක නිකං අර දෙකටම නැති ජිවිත වගේයිනේ."

 "සමහර නෝනලා මහත්තුරු  කැමති එහෙම අයටනේ. එහෙම පාවිච්චි නොකරපු අයගේ  වටිනාකම වැඩියිලු."

"ඒකත්  ඉතිං ඒ මිනිස්සුන්ගේම කැමැත්තනේ බං."

"මම දැනන් හිටියේ නෑ බං මට වටිනාකමක් තියේනවා කියලා."

"අපි ඔක්කෝටමගේ ජිවිතවලට වටිනාකමක් තියේනවා. හැබැයි එක අපේ උප්පත්තියේදීම තමයි උන් තිරණය කරලා තියෙන්නේ."

"මම කැමති නෑ මචං කාගෙවත් ජීවිතයකට ඇලිලා ඉන්න. මට ඔ්නේ නිදහසේ ස්වාධිනව ඉන්නයි. අතින් අත මාරුවෙලා යන්න. මිනිස්සුන්ගේ විනෝදෙට සුරතලෙක් වෙන්නයි ඔනේ කරන්නේ."

"අපි ඉපදිලා ඉන්නේ තව එකෙකු එක්ක බැදිලා ඉන්න තමයි නැත්නම් අපි මේලෝකෙට උපද්දවපු කාර්්‍යයෙන් වැඩක් නැතිව යනවා තමයි. හැබැයි ඇලුවුන එකාගෙන් ගැලැවිලා සුරතලෙක් වෙන්න පුළුවනි."

"එහෙම වැඩක් නෑ බං. එතකොට අර සීල් එකෙන් ඉදුල්වෙලා ඉවරයිනේ."

"එයි කෑ කැනොගහා හිටපල්ලා. ඔන්න මහත්තයා පොතේ පිටු පෙරලනවා කාට ටිකට් එක ඇදෙයිද දන්නේ නෑ. පිටරට යවන්නලු ඔ්නේ කියන්නේ."

"එයි මචං මාව ගත්තා ."

"මාවත් ගත්තා.  යන්තං ඇති එළියට පැනගත්තා" 

"කෙල ටිකක් ගෑවුනාට කැතක් හිතන්නේ නැතිව ලියුමට හොදට ඇලවෙයන්. බායි මචං."