Saturday, May 27, 2017

ඉල ඇදෙන සටන් සමග භීතිය ඉස්පොල්ලේ ගිය මීමුරේ සවාරිය

හැමදාමත් කොළොම්පුරයට වෙලා ඉදලාත් බැරි හින්දා කොළොම්පුරේ කොළොම්පුරයෙන් පිටට යන්නයි මේ හදන්නේ. හැබැයි මේ  ලියන්නේ සයිබර් අවකාශයේ බොහෝ දෙනෙක් ලියලාත් තියෙන නොදන්නා කෙනෙකුත් නැති නොයිදුල් ගම්මානයක් කියාගත්තු හැමෝම ගිහිල්ලා නොයිදුල් එක ඉදුල් කරලා දමාපු මීමුරේ ගම්මානයට ගිය ගමන ගැනයි. මේ ලිපිය නම් මේ කවුරුත් ලියනා ජාතියේ මීමුරේ ගම ගැනවත් එහි පාරසරික වටිනාකම ගැනවත් ලියැවෙන ලිපියක් නම් වෙන්නේ නෑ. එහෙනම් මෙන අටමංගල්ලයක් ගැනද ලියන්න යන්නේ? මේක තමයි අවුරුද්ද පුරාම වැඩකරලා හෙම්බත්වෙච්චි කොළොම්පුරයා මානසික නිදහසක් ලැබගන්න කියලා මීමුරේ කියන නකලස් කඳු පන්තියේ අස්සේ තියෙන මහ කැලෑවක් මැද්දේ තනිවෙච්චි නොයිදුල් ගම්මානෙට ( එහෙම තමයි යනකම් හිතාගෙන උන්නේ) ගිහිල්ලා අලකරගෙන වනකරගෙන  භීතිය ඉස්පොල්ලේ ගිය සංචාරක ගමන ගැන ලියන්නයි මේ වෑයම් කරන්නේ. හැබැයි මේ ගමන ගියේ ඊයේ පෙරේදාක නම් නොවෙයි.



මීට අවුරුදු ගනනාවකට පෙර ඉදන් මගේ හිනයක් වෙලා තිබුනේ අවාරේට සිරිපාදේ කරුණා කරන්න. මීවිතක් එක්ක දොඩමළුවෙන කොට නම් අපායට උනත් යන්න ෆිට්වෙන යාළු මිත්තරයෝ වැඬේ සෙට් කරගෙන කතා කරද්දී නම් පස්ස ගහන්නේ මේ තුන්ලොකෙත් නැති ඉළ ඇදෙන බොරු බේගල් වලින් ගමනට සෙට් වෙන්නට බැරිවෙන කරුණුකාරණා පෙන්නලා තමයි. එ් වෙලාවට තමයි මුන් ජංගි අදින පිරිමිද කියලා හිතෙන්නේ. ඔන්න මීට අවුරුදු එකාහාමාරකට පෙරදි ආයෙමත් අර හිත්කොනක සැගවිලා උන්නු අවාරේ සිරිපාදේ ගමන එළියට ඇදිලා ආවේ. හොඳ හදවතක් තිබ්බ අපායට උනත් යන්න එක පයින් නොවෙයි දෙපයින්ම කැමතිවෙන කුමාර කියලා එක යාළුවෙක් එ් ගමනට එකතුවෙන්න කැමතිවුනා.  ඕනේම මගුලකට මාත් එක්ක සෙට්වෙන බිරින්දෑවගේ ඥාති සහෝදරයා වෙච්චි තිළිණයත් එක්කාසු කරගත්තා. අන්තිමේදි  සුපුරුදු විදිහටම නොයෙකුත් හේතු ඇවිල්ලා සිරිපාදේ ගමන පස්සට ඇදෙන්න ගත්තා. එහෙනම් අපි යමු මීමුරේ කියලා කතාවුනා. ඔන්න එ්පාර මුං අහනවා මීමුරේ කියන්නේ මොකක්ද? එ් ගම තියෙන්නේ කොහේද? ගියාම බලන්න තියෙන්නේ මොනවාද කියලා පුරස්න වැලයි. අර වත්පොතේ නැත්නම් බුකියේ අපි මීමුරේ විකුණන් කන උන් සෙට් එකේ එකෙකුට කතාකොරලා විස්තර ඇහැව්වා. උන් ගාව තියෙන්නේ per Head  නැත්නම් ඔළුවකට ගෙවන ගානක්. ඔළුවක් තියෙන උන් නෙමෙයි නම් එ් ගාන ගෙවලා උන් එක්ක එකතුවෙනවා. එත් සිරි ලංකාවේ උපන්න අපිට මීමුරේට  ගිහිල්ලා  දවස් දෙකක් ඉන්න ටුවර් ගයිඞ්ලා ඔනේද? අනික සෙවන් සීස් කොස්කරලා එ් කියන්නේ සප්ත මහා සාගරය තරණය කොරලා ලෝකේ රටවල් ගනනාවකට පය ගහපු කොළොම්පුරයාට හුනෙක්ගේ අහවල් එකක් සයිස් සිරිලංකාවේ මීමුරේ කියන ගමට යන්න එජන්ට්ලා හොයනවාද? පිස්සුද උන්ට කුද ගහගන්න කියලා අපි මීමුරේ යන්නට දින වකවානුත් පිලියෙල කරගත්තා. 
කට්ටිය තුන් දෙනෙකුට විතරක් සීමාවෙනවා කියලා මේ ගමන යන්න තව රාජු කියලා යාළුවෙකුත් මේගමනට එකතුකරගත්තා. එ් අස්සේ තිළිණයාගේ පැත්තේ තවත් බර තියෙන ඥාති පවුලක අයියා මලෝ දෙන්නෙකුත් සෙට් උනේ උන්ගේ මොන්ටේරෝ ස්පෝට් ජීප් රථයවත් ගමනට අරන් එන බව කියලා තමයි. දැන් ගමනට දින ලංවෙන්න ලංවෙන්න ගෙනියන්න ඔනේ කරන බඩු මූට්ටු එහෙම ලෑස්ති කරන්න පටන්ගත්තා. ලොකුම අවුලවුනේ කූඩාරමක් කුලියට ගන්න එක තමයි. දැන් සුමානයක් තිස්සේ කූඩාරම් හොයනවා. අන්තිමේදි කුමාර කිව්වා අපි කූඩාරමක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව සල්ලි වලට අරගමු කියලා. හොද තත්වයේ කෑම්පින් ටෙන්ට් එකක ගාන ඇහැව්වාම පිස්සු පීකුදු වෙනවා. එත් කොහොම හරි ගමනට පෙර දවසේ හවස්වෙනකොට තමයි කුලියට කූඩාරමක් හොයාගන්නත් ලැබුණා. එදා හවස්වෙනකොට අර සැප ජීප් එකක් අරගෙන එනවා කිව්ව අයියා මලෝ දෙන්නාගේ දුරකථන වල රිංස් යනවා විතරයි යන ඇමතුම්වලට නො ආන්සර්. දැන් කෑමද බීමද අඩුමකුඩුම ඉවුම්පිහුම් බඩුද ඔක්කෝම අරගෙන දෙයියනේ කියලා යන්න හැදුවාම අර ගෑණු ජංගි අදින අයියාමලෝ දෙන්නා පතරංග පොල්ලක් තියලා. දැන් ඉතිං මොකේද යන්නේ? ගමන  කල්දාමුද? පාරේ බස් එකේ යන්න බැරිද? ඔන්න ඔය වාගේ දහසක් පුරස්න කතාවෙද්දි මම කිව්වා නෑ ගමන කල් දාන්නේ නෑ. අපි යමු මගේ කාර් එකේ කියලා. කාර් එකක යන්න පුළුවනිද පාර හොඳයිද? ඔන්න තව ප‍්‍රශ්න වැලක්. කූඩාරමක් හොයාගන්න බැරිවුන හින්දා අපේ කුමාරයා අර ෆේස් බුකියේ මීමුරේ වළදන උන්ගෙන් කෙනෙකුට කතාකරලා විස්තර එහෙම අහලා තිබ්බා. ඔය විස්තර අහපු එකත් පස්සේ අපිට මාරම ඇනයක් වුනා. අන්තිමේදි මම තිරණය කලේ  යන්න පුළුවන් උපරිම දුරට කාර් එකෙන් ගිහිල්ලා යන්න බැරිනම් කාර් එක මගදමලා පයින් හරි ගමන යන්නයි.

 තිළිණයි මමයි 

 තිළිණයි රාජුවයි 

උදේ රැයින්ම තිළිණයි මමයි ගල්කිස්සෙන් පිටත්වෙලා කුමාරවයි රාජුවයි මගදි එකතුකරගත්තා. කුමාර ඉවුම්පිහුම් බඩු පැදුරුකොට්ට විතරක් නොවෙයි ලෝකල් විස්කි බොතල්  පහක්  අපි හතර දෙනාට අරන් ඇවිත් තිබුනා. උදේ පාතරාසය ගත්තේ කඩුගන්නාවේදි. උදේට කන්න අපි උඹගේ ගෙදරට එනවා කියලා මාවනැල්ලේදි දුන්න කෙටි දැනුම් දිමෙන් ජයටම කෑම මේසයක්  සකස්කරලා තිබු මගේ සාගර මිතුරෙක් වන නාවික ඉන්ජිනේරු කඩුගන්නාවේ කඞ්ඩා මහතායි. කඩ්ඩාගේ ඇඹෙිනියටත් ස්තූති කරන්නට ඔ්නේ. විනෝදෙන් විනෝදෙන් අපි මහනුවරටත් ආවා. මහනුවරත් පසුකරගෙන හුන්නස්ගිරියටත් ඇවිල්ලා ලූල්වත්තට යන පාරට වාහනය හරවාගත්තා. නියම ලස්සන පරිසරය රසවිදින්න හොදම ස්ථානයන් තිබුනා. කොබට් ගැප් එකට නැත්නම් අට්ටලමෙට්ටුව පහුකරලා යනකම් පාර එච්චරම අවුලක් තිබුනේ නෑ. 



තවත් දුරට යද්දි තමයි කොන්ක‍්‍රිට් කරපු පාරේ විසාල වලවල් අහුවෙන්න ගත්තේ. පව් අප්පා ග්රවුන්ඞ් ක්ලියරනස් නැති කාර් එහෙම යන්න බැරිව මග නතරවෙලා . දැන් බලන් යනකොට ඔක්කොමල්ලා යන්නේ මීමුරේ බලන්නයි. මගදි හමුවෙන කඩෙකින් කොච්චි දමාපු ලණු මිරිසක් එක්ක හායි හුයි ගාගා නහයෙන් ගිනි පිඹිමින්රොටි කාලා තේ බිව්ව අපි දවල් ඉර හැරිලා පැය දෙකකට පස්සේ විතර මීමුරේ මී ගහයටට එ්ගන්න ලැබුණා. 

එතැනත් වාහන එහාමෙහා කරගන්න බැරිතරම් වාහන ගාල් කරගෙන. සන්ගලාස් දාගෙන අලි කකුල් කළිසමක් ඇදගත්තු හුරුබුහුටි සියුමැලි කෙල්ලක් වාහන වලින් ආපු කොල්ලන්ට උඹ මචං වරෙන් පලයන් වගේ සුලලිත වචන සෙට් එකකින් කතාකොරනවා. බැලින්නම් අර මීමුරේ විකුණනන් කන උන්ගේ එකියක්. දැන් කොහේද අපේ කෑම්ප් එක ගහගන්නේ ? අපාරදේ කියන්න බෑ අපේ කුමාරයා විරයා වාගේ ඉස්සරාට පැන්නා. කුමාර මීට ඉස්සරයින් උන් එක්ක කතාකොරලා තිබුණ විත්තිය කිව්වා විතරයි උන් අපිව සාදරයෙන් පිලිගත්තා. එත් උන් එක්ක සෙට් වෙන්න මගේ එතරම්  කැමත්තක් තිබුනේ නෑ. අපි කූඩාරම් අරගෙන ඇවිල්ලා ඉන්නේ කියලා ගැන දැනගත්තු  හින්දා උන් කැමතිවුනා අපිට කුඩාරම ගහගන්න තැනක් පෙන්නන්න. හැබැයි එ් නිකං නම් නෙවෙයි. එ් හිටිය කොල්ලා කිව්වා අර සියුමැලි වචන කතාකරන අංගනාව එක්ක අපිට පිටත් වෙන්න එයා කෑම්ප් සයිට් එකක් පෙන්වයි කියලා. තවත් වේලාවක් මීගහ යට ගතකරපු අපිට පස්සෙන් එන්නයි කියලා තව ඇල්ටෝ කාර් එකකින් ආපු කොල්ලෝ සෙට් එකකුයි එක්කගෙන අර අංගනාව පිටත්වුනා. ආපහු ආපු පාරේම කන්දක් එහෙම නැගලා ටිකක් දුරක් ගමන් කරලා වෙනින් අතුරු පාරකට හැරුණා. ඒක තනිකරම ගල්මුල් පෑදුණු ගුරුපාරක්.  මගක් යද්දී අර කොල්ලන්ට කෑම දෙන්න කියලා උන්ගේ කාර් එක පාර අයිනේ නවත්තලා උන්වත් අරගෙන කන්දක් උඩ තිබුන ගෙදරකට අර කෙල්ල ගියා. ආයේ එකි නොමෙයි පැත්ත පලාතේ ආවේ.  අපිත් ඉතිං බලං හිටියේ අර සියුමැලි කෙල්ලත් එක්ක හොද චැටක් එහෙම දාගෙනම කුඩාරම ගහගන්න. ඔන්න එ්පාර පුදපි ගමන් කාපි යකා කියලා වයසක අංකල් පොරක් ඇවිදිල්ලා කියපි අර කෙල්ල තමයි උන්දෑව එව්වේ කූඩාරම ගහන තැනක් පෙන්නන්න කියලා. අමාරුවෙන් අපේ වාහනේට ගොඩකරගත්තු අංකල් ගොයියාව අරන් අබලන් පාරේ විසාල පල්ලමක් එහෙම බැහැගෙන තවත් දුරට ගියා. අන්තීමේදි පාර ඉවරවෙන්නේ ගොයම් කපලා දුඹුරු පාටින් වෙලිච්ච ඉපනැල්ල විතරක් ඉතුරුවෙලා තියෙන කූඹුරුයායක් ඉහළින්. ඔතැනින් අපේ වාහනය නතරකරන්න සිද්ධවුනා. අපේ කුඩාරම් ලට්ටපට්ට කෑම බිම අරන් පහළට බැහැලා කුඹුර උඩින් ගමන් කරපු අපිට ගල්කුට්ටි වලින් පිරිච්ච ලස්සන දොළපාරක් දකින්න ලැබුණා. බෝල ගල් උඩින් බඩුමුට්ටු අරන් ගමන් කරන එකත් ඉතිං පට්ට රිස්කි දෙයක් තමයි. වයසක ලොක්කාත් නිකං හිටියේ නෑ අපේ කුඩාරම කරේ තියන් උන්දෑ පහලොවේ විස්සේ කොල්ලෙක් වගේ ගල් උඩින් ජම්ප් කරගෙන විදලා ගියා. අපිත් ඉතිං අතිං පයින් බඩු මුට්ටු  කර තියං හති දමාගෙන අංකල් පොර පස්සේ යද්දි එයා ඉන්නවා දොළ පාර අයිනේ තියෙන ලොකු කුඹුක් ගහක් අද්දර සුදු වැලි ගොඩක් උඩට වෙලා. මෙතැන අපේ කුඩාරම ගහගන්නයි එයා කිව්වා. ඔන්න එයා කොහෙන්දෝ මන්දා උදැල්ලකුත් අරන් ඇවිල්ලා දුන්නා. කුඹුක් ගහ වටේටම තියෙන්නේ අර එක එක සයිස් එකේ බෝල  ගල් තමයි. ටිකක් ඈතට වෙන්න දොළේ ගහගෙන ඇවිල්ලා ගල් වල රැදුන දිරාපත් වෙච්චි කොටන් කිහිපයක් එහෙම උස්සන් ඇවිල්ලා අංකල් පොර කූඩාරම තියෙන ඉසව්වෙන් එහා ගොඩ ගහලා දුන්න ගිනි මැලයක් ගහන්න. අපිට උදව් කරපු මිනිහෙක් නිකං යවන්න බැරි හින්දා එයාට පලමුවෙනි බෝතලේ කඩලා පොඩි සොට් එකක් එහෙමත් දුන්නා. කරත්ත අඩි දෙකක් වාගේ වීදුරුව පිරෙන්න පොඩි ෂොට් එකෙන් දෙකක් දාගත්තු වයසක ලොක්කා අපි දුන්න රුපියල් පන්සියය අරන් අඩියට දෙකට මාරුවුනේ හවස්වෙලා අපේ වැඩ බලන්න එන්නම් කියාගෙන. 





  අපේ කූඩාරම 
     

ඔන්න අපි අර වැලි තලාවේ අමාරුවෙන් කූඩාරම ඔසවා ගත්තා. කූඩාරම ගහැව්වා  විතරයි බොන්න කොහොමත් කෑදර රාජු කාරයා බිමට පැදුරක් එලාගෙන අර කඩපු බෝතලෙන් අඩියක් එහෙම දාගෙන වැතිර ගත්තා. තිළිණත් කුමාරත් මමත් ඉතිං අර සුදුම සුදු පාටින් ගලා යන සීතල දොළේ ගිලූනේ ඇගේපතේ අමාරුව යන්නත් එක්කයි. අපි හිටපු කුඹුක් ගහට ටිකක් එහායින් තවත් කොල්ලෝ සෙට් එකක් කුඩාරමක් ගහගෙන උන්නා. උන් එ් වෙලාවේ ගෑස් ලිපක් එහෙම පත්තු කරන් උයනවා. තවත් උන් වගයක්  අපි නාන හරියට බැස්සේ උන්ටත් නාන්නයි. ඔළුකට්ට පෙගිලා මොලේට සීතලේ අල්ලනකම් දොළේ ගිලිලා හිටපු අපි ඇගේ තිබුණ පරණ කුණු තට්ටු ටිකත් අතුල්ලලා අයින් කරන් ගොඩට ආවා. එ් අතරේ අර කොල්ලෝ ටිකත් එක්ක කතාකලාම උන් අර මීමුරේ මාකටින් උන් ගේ ගැටයකට අහුවෙලා ආපු උන් ටිකක් තමයි. උන්වත් බලන්න මීමුරේ විකුණන උන්ගේ තව එකෙක් එහෙමත් ආවා. අපේ කුමාරයා එයාලගේ එකෙකුට කතා කරපු විත්තිය ඌටත් නිවුස් එක ගිහිල්ලා. අපිත් එක්කත් කතාකරපු මිනිහා අපිට රෑට පත්තු කරන්න පන්දම් දෙන්නත් පොරොන්දු වෙලා ගියා. දැන් ඉතිං ඇදිරිවැටෙන්නත් ලඟයි වගෙයි. අපි ගෙනාපු බාබකිව් උදුන අරන් එකට අගුරු කැට පුරවලා ගිනිතියන්න මාරම ගේමක් එහෙම දෙන්න සිද්ධවුනත් අන්තිමේදි කොහොම හරි අගුරුවලට ගිනි අවුලෝගත්තා. වෙලාසනින්ම බොන්න පටන්ගත්තු අපේ රාජුවා එතකොටත් මදපවනේ තමයි හිටියේ. අයිස්කැට පුරවාපු රෙජිෆෝම් පෙට්ටියක දමන් ආපු සොසේජස් හා කුකුල් මස් එහෙමත් එළියට ඇවිත් අගුරු ගොඩ උඩ පිච්චෙන්න පටන්ගත්තා.

 ගිනිමැලය

අපේ කූඩාරම අතුරුදහන් වෙන්නට පෙර

   
එහා පැත්තෙන් බොංගෝ තඩියකට තඩිබබා අර කොල්ලන් ටිකත් පාටිය පටන් අරන්. කොට ගොඩට ගිනි  තියලා අපේ ගිනිමැලයත් අවුලවාගත්තා. ඔන්න ආයේමත් ගල් උඩින් පැනන් ආපු මීමුරේ මාකටින් අයියා කෙනෙක් අපේ වාඩිය පැත්තෙන් එහා පැත්තේ කොල්ලෙන්ගේ වාඩිය පැත්තට ගියේ ගමේ පොරවල් දෙන්නෙකුත් එක්කයි. එන්න එන්න කරුවල වැඩිවුනා.  අපිත් අපේ පාටිය හිමිහිට පටන්ගත්තා. තරමකට වැදිලා උන්න රාජු පරාදවෙච්චි හිටපු මහරජානන්ගේ ගුණ කියන්නට පටන්ගත්තා. දේශාපාලනය අරහං වෙච්චි මට නම් ඔය වන්දභට්ටකම් අල්ලන්නේ නෑ. කොච්චර දේශපාලන කතා කියන්න එපයි කිව්වාත් රාජුවාගේ කියවිල්ල නැවැත්තුවේ නෑ. 
"තව කාලයක් ඉන්න තිබුණ එකේ එයා ඉල්ලගෙනනේ  පරාදවුනේ."
"උඹලා තමයි එ් රත්තරං මනුස්සයාව  පරාද කලේ. "
"අපි මොනාද බං කලේ? එයාව මිනිස්සුන්ට එපා වුන හින්දා නේද?"
කට පියාගෙන ඉන්න බැරිවුන මම ඔන්න ඔහේ කියලා දැම්මා. දේශපාලන වලියක් ඇදගන්න බලාගෙන හිටපු  රාජු වාදෙට පැටලූනා. කතාව යන අතරේත් අපේ බාබකිව් පාටියත් නැගලා යනවා. චිකන් හොදට සීසන් කරලා කුමාර ගෙදරින් අරන් ඇවිත් තිබුනා. එ් අතරේ තරමකට වැදිච්චි ගමේපොරක් විදුලි පන්දම් එළි අපේ මුණට එල්ලකරන් අපේ වාඩිය උඩින් පැනලා අර කොල්ලෝ සෙට් එක ඉන්න දිහාවට ගියේ මොනවාද මන්දා කියමින්. මේකට මද පවනේ වැදිලයි හිටිය කොළොම්පුරයාටත් ටිකක් විතර මලත් පැන්නාට උන්ගේ ගම හින්දා පොඞ්ඩක් ඉවසුවා. එහා පැත්තේ කොල්ලන් ගෙන් බීපු ටොච් ගහපු ගමේ පොරත් ටික වේලාවක පස්සේ අපිත් එක්ක මිවිත පුරන්න බලහත්කාරයෙන් වාගේ සෙට්වුනා කියපල්ලකෝ. ඔන්න දැන්තමයි  සීන් එකේ හොඳම හරිය පටන්ගන්නේ. රාජු කියන්නේ බී ගත්තාම කටකමිසිරියාවක් නැතිව කියනව වාචාලයෙක්. එ්කටම හරියන බීගත්තු ගමේ එකා ගමේ බයියෙක් නොවන බව පෙන්නන්න ඌත් අපේ කොළොම්තොටේ කරක්ගහපු නොදන්නා තැනක් නෑ විදිහට කියවන්න ගත්තා. 
"මහත්තයලා කොහේද? කොහේද වැඩකරන්නේ?"
"අපි කොළඹ තමයි. "
"මම වරායේ කෙන්ටේනර් එකක් එලෙව්වා."
"අපිත් වරායේ තමයි."
" දන්නවාද වාරයේ අර මහත්තයා. එකාට මගේනම කිව්වොත්  ඔනේම දෙයක් කරලා දෙයි." 
"ඇයි දැන් යන්නේ නැත්තේ?"
"මෙහේ කුඹුරු වැඩ බලාගන්න බෑ එහේ වැඩට ගියාම. තාමත් මට වරායෙන් කතා කරනවා. මම යන්නේ නෑ."
අපේ බොතලෙන් තව  වඩියක් විදුරුවට හලාගන්න ගමන් මිනිහා කිව්වා.
"වරායේ  වැඩට ගියේ මීමුරේ ඉදන්ද?" 
කුමාර ඇහැව්වා.
"මෙහේ ඉදන් යන්න පුළුවනිද මහත්තයෝ?  ඒකාලේ මම බෝඩිම් වෙලා හිටියේ කොලොන්නාවේ. "
"කොලොන්නාවේ  කොතනද? මමත් කොලොන්නාවේ තමයි." 
රාජු මැදට පැනලා ඇහැව්වා.
"කොලොන්නාවේ .................... හරියේ වංගුවේ ගෙදරයි. එ් ගෙදර ඇන්ටිගෙන් අහන්න." 
"ඔය කියන හරියේ එහෙම ගෙයක් නෑ." 
"එහෙම කොහොමද කියන්නේ මම හිටියේ එ් ගෙදර උඩ තට්ටුවේ. ඇන්ටිට දුවලාදෙන්නයි පුතයි හිටියා."
"අනේ පලයන් යන්න. බොරු කියන්න එපා බං. කොලොන්නාවේ .................... ඔය වංගුවට ගෙවල් දෙකක් එහායින් මගේගෙදර තියෙන්නේ. බලාපල්ලා මූ කියන පට්ට බොරු." 
"අනේ මචං  ඕක නවත්තපං. අපි මේ ආවේ ගම බලලා පොඩි ආතල් එකක් අරන් යන්න. පිස්සු වැඩ නතරකරපං."
මුං දෙන්නා මගේ කීම අහන්නේ නෑ.
දැන් ඉතිං වලියක් ඇරඹෙන තරමේ වාග් ප‍්‍රහාර දෙන්නා අතර ඇතිවෙන්න ගත්තා.
"මේ රාජු දැන් ඇති කියෙව්වා. නවත්තගනිං. "
"මම රාජුට අනතුරු ඇඟව්වා. "
"මචං අපේ රාජුට පොඞ්ඩක් වැඩි ඔය කතා නවත්තලා දාපං."
ගමේ බුවාව ශේප් කරගන්න බැළුවත් ඌත් මට සරේන්ඩර් වෙන්නේ නෑ.  ගමේ උන්එක්කලා වලියක් ඇදගත්තොත් මොකද කරන්නේ? මේ කැලේ කොහේ කියලා දුවන්නද? 
"අපේ ....... මහත්තයාව පැරද්දුවා උඹලා දන්නේ නෑ එ් මිනිහාගේ වටිනාකම."
රාජු එ් ගමන ආයේමත් දේශපාලනය ඇදලා ගත්තා. ගමේ එකත් ඇරියේ නෑ. ඌත් බීමතින් කියවන්න උනා.


මද පවනේ ඉන්න රාජුවා

කොහොම හරි ආයෙත් රාජු මාත් එක්ක වාදෙට පැටලූනා. 
"යකෝ කිව්වාම අහලා දැන්වත් උඹේ කට නවත්තාගනිං."
රාජු එක දිගට  කියවනවා විතරක් නොවෙයි ගමේ උන්ටත් චැලෙන්ජ් කරන්නට පටන්ගත්තා. 
"මචං තිළිණ මේකා කියවන එක නතර කරන්නේ නෑ. මූට දෙකක් ඇනපං. "
මම මගේ ඥාතියාට   ඕඩරේ දුන්නා. 
"උඹ මට ගහන්න. යකෝ උඹෙන් ගුටි කන්නද මාව මේ හද්දා කැලේට අරන් ආවේ?  මම දැන් යනවා කොළඹ. උඹලාට මාව එපා හින්දා නේ ඔහෝම කියන්නේ. උඹලාට මට වැඩිය මේ ගමේ බයියෝ ලොකුවෙලා. "
"කෑනොගහා හිටපන්." 
"මම කෑගහන්නේ නෑ.උඹනේ කෑ ගහන්නේ"
" යකෝ දැන් උඹනේ කෑ ගහන්නේ." 
"එයි තිළිණයා ගහපන්  මූට දෙකක් කොච්චර කිව්වාත් මූ කටපියාගන්නේ නෑ."
"මම මොකටද කට පියාගන්නේ. මම ජීවත්වෙන පැත්ත ගැන  මූන් කොහොමද කියන්නේ."
"මූට කියන එක තේරෙන්නේ නෑ. තිළිණ ඇනපං බං මේ හරකාට දෙකක්."
තිළිණයා නම් ඇහුනේ නැති ගානට ඉන්නවා. 
"එයි තිළිණ මොකද බං බලාගෙන ඉන්නේ?  උඹට බැරිනම් කියපං මම දෙකක් ඇනලා කට වහන්නම්."
"පිස්සුද බං රාජු උඹේ යාළුවෙක් නේ.  මට පුළුවන්ද ඌට ගහන්න?"  
මේ අතරේ අපිට පන්දම් දෙන්න පෙරොන්දු වුනු මීමුරේ මාකටින් අයියා එක්ක ඇවිල්ලා ගිය ගමේ බුවාලා දෙන්නාත් එ් පාර එතැනට ආවා. හැබැයි මම හිතුවේ උන් දෙන්නාත් අර බේබදු බයියා  එක්ක සෙට්වෙයි කියලා. එහෙම උනේ නෑ. උන් දෙන්නා කොහොම හරි අර බේබදු බයියාව එතැනින් පිටත්කරවන්න කටයුතු කෙරේව්වා. කුමාර එයාලටත් අපිත් එක්ක පොඩි ෂොට් එකක් දාන්නත් කතා කළා.
"මට ඉන්න බෑ. මම යනවා කොළඹ." 
"දැන්  යන්නද?"
"ඔව් මේ කැලේ ඉන්න බෑ. උඹලා මට ගහන්නයි හදන්නේ."
"දැන්වත් ඔය කියවිල්ල නවත්තාගනිං නැත්නම් උඹට මම ගහනවා."
"නෑ නෑ උඹලාත් එක්ක ඉන්න බෑ. මම දැන්ම යනවා කොළඹ." 
"උඹ දැන් යන්නේ කොහොමද? "
තිළිණයා ඇහැව්වා. 
"සල්ලි දෙන්නම් මාව ගිහිල්ලා දාපං." 
රාජු ගමේ බුවාලට කියන්න උනා.
"දැන් යන්න බෑ මහත්තයෝ."
"මාව මේ කැළෙන් පාරට ගිහිල්ලා දාපල්ලා. මම පයින් හරි යනවා." 
"කොළඹටද උඹ  පයින් යන්නේ?"  කුමාර ඇහැව්වා. 
දැන් රාජු අපිට මාර ඇනයක් වෙන්නයි යන්නේ. 
"ඔන්න  ඕකාට යන්න දිපල්ලා බං මු මාරම ඇනයක් වුනානේ."
"දැක්කානේ ඉස්සෙල්ලා මට ගහන්න හැදුවා. මුන් එක්ක කොහොමද මෙහෙම ඉන්නේ?"
"පලයන් දැන්ම පලයන් හැබැයි උඹ ගැන අපි වගකියන්නේ නෑ. "
"මේ කැලේට එක්කන් ඇවිත් දැන් එලවනවා. ඉල්ලන  ඕනේම ගානක් දෙන්නම් මාව පාරට දාපල්ලා බං. බැරිද?  හරි උඹලාට බැරිනම් මම යනවා."
"පිස්සුද මහත්තයෝ දැන් ආපු පාරේ යන්න බෑ අලිත් ඉන්නවා. ඔනේනම් උදේට යන වෑන් එකට දාන්නම්. " 
අපිත් එක්ක මිවිතට සෙට් වුනු ගමේ උන් දෙන්නා කිව්වා.
ලස්සනට ප්ලෑන් කරන් ආපු මීමුරේ ගමනේ රාජු ගේ පිස්සු නැටිල්ලත් කියවිල්ලත් වැඩිවුනා. එ් එක්කම  මට ඇතිවෙච්චි කේන්තියත් නිසා මීවිතත් පෙවුනා වැඩිවුනා. රාජු කුඩාරමට ගිහිල්ලා කොළඹ යන්න ඇඳුම් බෑග්එක හොයනවායි තිළිණයා කිව්වා. මේ බේබදු පිස්සාට මහ රාත්තිරියේ කැලැවක් මැදින් ආපහු යන්න දෙන්න පුළුවන්ද? කොච්චර කිව්වත් කියන දේ අහන්නේ නැති රාජුට දෙකක් අනින්න අමාරුවෙන් කුඹුක් ගහ අයිනේ එලපු පැදුරෙන් අමාරුවෙන් අපහසුවෙන් නැගිටලා ගියාත් පොඞ්ඩක් විතර මගේ මතකයේ රැදිලා තිබුනා. ඊට පස්සේ වෙච්චි කිසිම දෙයක් මතකයෙන් අතුගෑවිලා ගිහිල්ලා. අදටත් එ්ක මතක් වෙන්නේ නෑ.
ඉතිං ඊට පස්සේ.................?????????

කුතුහලය කැටිවු ත‍්‍රාසය හා ඉලඇදෙන භීතිය සමගින් වැඩිහිටියන් පොඩිහිටියන් ඇතුලූ පවුලේ සැමට නැරඹිය හැකි සටන් ජවනිකා පිරුනු මීමුරේ සවාරියේ 2වන කොටස ළඟදීම.......

දෙවන කොටස බලන්න මෙතැනට කොටන්න

19 comments:

  1. මීමුරේ තාම යන්න බැරීඋණු පළාතක්. කුතුහලයෙන් පිරි ඊළන්ග කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගොඩාක් නාගරිකකරනය වෙමින් පවතින පැත්තත් දැන් විදුලි බලයත් තියෙනවා. හැබැයි ඒ විනාසෙට ටිකකින් හරි අපිත් වග කියන්න ඔනේ

      Delete
  2. මදැයි වෙලා තියෙන දෙයක්. ඔය වගේ ඇණ අනුනොත් නං මාර චාටර් වෙනව තමයි.

    ඊගාව කෑල්ලත් කියෝල ඉල ඇදගන්න බලාගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. දැනටමත් ලියලා ඉවරයි එත් දැම්මේ නැත්තේ ලිපිය දිග වැඩිවෙයි කියලා.

      Delete
  3. චීත්ත පිරිමි ටික කලින්ම හැලිල ගියපු නිසා හොඳයි.නැත්තම් ඔය වෙලාවට සංසාරෙ එපාවෙලා යයි.

    ReplyDelete
    Replies
    1. චිත්ත පිරිමි ටික හොදයි කියලා හිතුවා රාජුුවාගේ බේබද්දෙක් එක්ක ගියාට වැඩිය.

      Delete
  4. මීමුරේ වතාවක් ගිහිල්ලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මේවාගේ ත‍්‍රාසජනක ඉල ඇදෙන සටන් සහිත දෙයක් නම් මිතිලට වෙලා නැතිව ඇති.

      Delete
  5. එල ද බ්‍රා
    ඊලග කොටස එනකන් බලා සිටිමි

    ReplyDelete
  6. බිව්වහම වාතයක් වෙන එවුන් එක්ක තාම බොනවද? අපි අත ඇරලා හුඟක් කල්.

    මීමුරේ තරම් යන්න අමාරු නැති ලස්සන තැන් තියනවා රිකිල්ලගස්කඩ වලපනේ පාරෙ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ප‍්‍රා නොබි ඉන්න කම් හොදටඋන්න උන් බිව්වාම ඉතා පට්ට කූජිතයි. නොබි ඉන්න කම් ඉතා හොද උන් බ්ව්වාම පටටම මාර ඇනයක්.

      Delete
  7. මගේ මිත්‍රයෙක් වෙන සජිත් සමරවීර බීට්ල් එකේ මීමුරේ ගිය දා ඉඳන් මමත් ඔහෙ ගැන උනන්දුයි. ඊට පස්සේ අපේ තව සෙට් එකක් ක්ලැසික් ස්කූටර් වල ගියා.

    අපූරු ලිපියක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අර ලස්සන බිටල් එක මීමුරේ මීගහ යට පාක් කරලා ගත්තු පොටෝවක් එක්ක කාර් පිස්සුවේ පොස්ට් එකක් ලගදිම දැම්මොත් නරකද?
      ක්ලැසික් ස්කූටර් වලින් ගියේ වන්දනා කරුවෝ කට්ටියද?

      Delete
  8. ඒකා මහ පිස්සෙක්නෙ බන්. තව කාලක් පොවලා බුඩිෂ් කරානම් ඉවරයි

    ReplyDelete
    Replies
    1. පරණ පෝස්ට් ටිකක් මිස් වෙලා නේ බන් හිටහන් කොනක ඉදන් කියවන් එන්න

      Delete
    2. රාජු කියන්නේ බිව්වාම පට්ට කූජිත චරිතයක් කියලා එදා තමයි දැනගත්තේ.
      මුළු පාටියම කෑවා.

      Delete
  9. අපොයි.. බිව්වහම වලි දාගෙන ඇණයක් වෙන උන් ගැන නම් මතක් කරන එපා.. මට හිතෙන්නේ උන් මොනව මොනව හරි ඇරියස් තියාගෙන ඉන්නවා චණ්ඩියා බඩට වැටෙනකං. සෙහ්.. ගමං එපා වෙනවා.. බිව්වහම වලි නැතුව චොර වෙන උන්ටනං අනුකම්පා කරලා කොහොම හරි ගොඩ දානවා. අරුංටනං හොම්බට දෙකක් අනිනමයි මටත් හිත.. උඹ මේ ටික පණ පිහුටුවලා ලියල මටත් කොහොම හරි රාජුවා ඇණයක් වුනා කියවනකොටත්.. ඉක්කණට ලියහං ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. ලියලා ඉවරයි දිග වැඩිවෙයි කියලා තමයි දැම්මේ නැත්තේ.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න